ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී
2024 January 23- Page Views : 10
ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි. ඒ, පාර්මේන්තුවේ විශේෂ ආර්ථික කමිටුවක් පැවැත්වෙද්දීය.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි. ආර්ථික කමිටුයේ වැඩ කටයුතුවලට බාධා කරමින්, කඩා වැදුණු පිරිස කමිටුවට සහභාගී වී සිටි මැති ඇමැතිවරුන්ට විරෝධය පළ කරමින් කෑ ගසන්න වූහ.
ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ හමාස් ප්‍රාණඇපයේ සිටින තම පවුල්වල සාමාජිකයන් මුදා ගැනීමට ඊශ්‍රායල රජය කිසිදු උත්සාහයක් නොදරන බව පෙන්වා දෙමිනි.