WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල් - හමාස් යුද්ධය ගැන ජාත්‍යන්තර අධිකරණය දෙන්න යන තීන්දුව

2024 January 26- Page Views : 10

ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කිරිමේ හැකියාව පවතින බව වාර්තා වෙයි.

ඊශ්‍රායලය පලස්තීනයේ ජන සංහාරයක් සිදුකරන බවට දකුණු අප්‍රිකාව විසින් ඉදිරිපත් කරන ලද නඩුව මේ වනවිට විභාග වෙමින් පවතී.

එම නඩුවට අදාළව දෙපාර්ශ්වයම සාක්ෂි ඉදිරිපත් කර ඇති අතර ඊශ්‍රායලය තමන්ට එරෙහි වෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට එරෙහිව තීන්දුවක් ලබාදුන්න ද එය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරිමේ හැකියාවක් නොමැත.

එහෙත් එය දේශපාලනික වශයෙන් ඊශ්‍රායලය වෙත දැඩිව බලපානු ඇති බව විචාරකයින් පවසයි.