WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට හූති ප්‍රහාරයක්

2024 January 27- Page Views : 10

හූති කැරලිකරුවන් විසින් ගල්ෆ්හි ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රහාරයෙන් නෞකාවේ එක් භාණ්ඩ බහාලුමක ගින්නක් ඇති වූ අතර, එය පාලනය කිරීමට ගිනි නිවීමේ උපකරණ භාවිත කර ඇති බවයි.

ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිත ව මුදා ගැනීමට හැකි වී ඇති බව අමෙරිකාව පවසා ඇත.

රතු මුහුදේ සහ ඒ අවට හූති කැරලිකරුවන් විසින් වාණිජ නැව් ගමනාගමනයට එල්ල කළ නවතම ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය පවසා ඇත්තේ, මෙම ප්‍රහාරය ඒඩන් සිට නාවික සැතපුම් 60ක් ගිනිකොන දෙසින් එල්ල වී ඇති බවයි.