මැද පෙරදිග රත් වෙයි - අමෙරිකානු කඳවුරකට ප්‍රහාරයක්
2024 January 29- Page Views : 10
සිරියා - ජෝර්දාන් දේශසීමාව ආසන්නයේ පිහිටි අමෙරිකානු කඳවුරකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු භටයින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඉන් තවත් භටයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ඉරානයේ සහාය ලබන රැඩිකල් සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.
නමුත් තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නොමැති බව ඉරානය පැවසීය.