WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාව තවත් ප්‍රහාරයකට සැරසෙයි

2024 February 02- Page Views : 10

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර අමෙරිකානු භටයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉරාන සහාය ලබන මිලීෂියා කණ්ඩායමට චෝදනා එල්ලවී තිබුණි.

අදාළ කණ්ඩායමට ඉරානයේ සහාය ලැබෙන බව අමෙරිකාව ප්‍රකාශ කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කරයි.

එම ප්‍රහාරයෙන් අමෙරිකානු භටයන් 41 දෙනෙකු තුවාල ලැබූ අතර අමෙරිකාවට එල්ල වන ප්‍රහාර ඉවසා නොසිටින බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා තිබුණි.