WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවෙන් සිරියානු ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර

2024 February 03- Page Views : 10

අමෙරිකානු හමුදාව සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ජෝර්දානයේ ඇමරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනෙකු මෑතක දී මිය යාමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි.

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි නැගෙනහිර සිරියාවේ ප්‍රහාරවලින් ඉරාන හිතවාදී සටන්කරුවන් හය දෙනෙකු මිය ගොස් තිබේ.

ඔක්තෝම්බර් මාසයේ දී ඊශ්‍රායල - හමාස් යුද්ධය ආරම්භ වීමෙන් පසු මැද පෙරදිග ප්‍රහාරයකින් මිය ගිය පළමු අමෙරිකානු හමුදා නිලධාරින් ඔවුන් වූ අතර, ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර 165කට වඩා එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.