WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තායිලන්ත අගමැති දිවයිනට

2024 February 03- Page Views : 10

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් දිවයිනට පැමිණ තිබේ.

අද (03) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔහු දිවයිනට පැමිණ ඇත.

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ.

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිතයි.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිත බව වාර්තා වේ.

මේ අතර, තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා හෙට දහවල් කොළඹ කොටහේන දිපදුත්තාරාම තායි රාජ මහා විහාරයට ද පැමිණීමට නියමිතයි.