මෙසී හොකොං යයි
2024 February 04- Page Views : 10
සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී සුහද පාපන්දු තරගයක් වෙනුවෙන් ඊයේ (03) හොංකොං වෙත පැමිණ තිබේ.
එහි දී ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙසීට ඉහළ පිළිගැනීමක් හිමි විය.
ඉන්ටර් මියාමි පාපන්දු ක්‍රීඩා සමාජය සහ මේජර් ලීග් පාපන්දු සමාජයක් වන හොංකො ලෙවන් පාපන්දු සමාජය අතර තරගයක් අද දහවල් 01.30ට පැවැත්වීමට නියමිතයි.
ඉන්ටර් මියාමි පාපන්දු කණ්ඩායම එම තරගයට සහභාගි වන්නේ පෙබරවාරි 01 වැනි දා අල් නසාර් පාපන්දු කණ්ඩායම සමඟ පැවති තරගය පරාජය වීමෙන් අනතුරුව ය.
එම තරගය ඉන්ටර් මියාමි පාපන්දු කණ්ඩායම ලකුණු 6 ට 0ක් ලෙස පරාජය විය.
මේජර් ලීග් පාපන්දු සමාජයක් වන හොංකො ලෙවන් සමඟ අද තරගය පැවැත්වෙන්නේ එම පරාජයෙන් පසුවයි.