WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාරාන්තික ලැව්ගින්න - ජීවිත 112ක් අහිමිවෙයි

2024 February 05- Page Views : 10

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso)පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර තත්ත්වය සමනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙය චිලියේ රජ්‍ය මෙතෙක් වාර්තා වූ ලැව්ගිනි අතරින් මාරාන්තිකම ලැව්ගින්න ලෙස සැලකේ.

‍මෙම ලැව්ගින්නට හසු වී පීඩාවට පත් වූවන්ගෙන් බොහෝදෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි පිරිස බව සඳහන් වේ.

මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් කර ඇති අතර තාවකාලික රෝහල් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.

‍ සහන කණ්ඩායම් විපතට පත්ව සිටින පිරිස බෙරා ගැනීමට දැඩි පරීශ්‍රමයක් දරන බවත් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට අසීරූ බවත් සඳහන් වේ.

මේ අතර එරට බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය.

නිවාස 3,000ත් 6,000ත් අතර සංඛ්‍යාවක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබේ.