WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනියම් ඇසුරක් නිසා ජපාන රූ රැජිනට කිරුළ අහිමි වෙයි

2024 February 06- Page Views : 10

විවාහක පුද්ගලයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ශීනෝ නම් තරුණිය එම කිරුළ නැවත බාරදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇයගේ අනියම් සම්බන්ධතාවය ගැන ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් වාර්තා කර තිබුණි.

මීට පෙර ඇයට විරෝධය එල්ල වූයේ ඇයගේ යුක්‍රේන සම්භවය හේතුවෙනි.

"Shukan Bunshun" නම් ටැබ්ලොයිඩ් පුවත්පත වාර්තාකර තිබුණේ ශීනෝ, විවාහක වෛද්‍යවරයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වන බවත් ඇය ඒ සම්බන්ධයෙන් රූ රැජින තරගයේ සංවිධායකයින්ට බොරු කියා ඇති බවත් ය.

එහිදී ඇය පවසා තිබුණේ එම පුද්ගලයා විවාහකයෙක් බව නොදැන සිටි බවයි.

නමුත් ටැබ්ලොයිඩ් පුවත්පතේ ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමගම ඇය තමා අසත්‍ය පැවසූ බව පිළිගෙන සිය කිරුළ නැවත බාරදී තිබුණාය.