WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති ජීවිතක්ෂයට

2024 February 07- Page Views : 10

හෙලිකොප්ටර් අනතුරකින් චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනෙනෙ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් චිලී ජාතික ආපදා වැලැක්වීමේ ප්‍රතිචාර සේවය පවසන්නේ දකුණු චිලියේ ග්‍රාමීය නගරයක් වන ලාගෝ රැන්කෝ හී හෙලිකොප්ටරය කඩා වැටී මෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් මියගිය හිටපු ජනාධිපතිවරයාගේ සිරුර සොයා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

කෙසේවෙතත් අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බවයි පැවසෙන්නේ.