අමෙරිකානු ප්‍රහාරයකින් ප්‍රබලයෙකු මරුට
2024 February 08- Page Views : 10
ඉරාන පිටුබලය ලත් කටයිබ් හිස්බුල්ලා මිලිටරි සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා අමෙරිකානු ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් ව තිබේ.
ඉරාක අගනුවරට නැගෙනහිර දෙසින් වූ ප්‍රදේශයේ දී අමෙරිකාව දියත් කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
එහි දී ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ද මිය ගොස් ඇත.
පසුගිය දා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරය මෙම මිය ගිය අණ දෙන නිලධාරියා විසින් සිදු කර ඇති බව වාර්තා වේ.