WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්‍රේන හමුදා ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කරයි

2024 February 09- Page Views : 10

යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

2021 වසරේ ජුනි මාසයේ සිට යුක්‍රේන හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ ජනරාල් සලුස්නි සහ ජනාධිපතිවරයා අතර මාස කිහිපයක සිට ප්‍රතිවාදි මත පැවතුණි.

හමුදා ප්‍රධානියාගේ ස්ථාවරය වුයේ ආයුධ ශක්තිය නොමැතිව රුසියානු පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිම අසාර්ථක උත්සහයක් වන බවය.

නමුත් ජනාධිපති සෙලෙන්ස්කිට රුසියානු භුමිය වෙත පහරදීමේ අවශ්‍යතාවක් මතුවු අතර මෙම තත්ත්වය මත දෙපාර්ශ්වය අතර විරසකභාවය හටගෙන තිබුණි.

ඒ අනුව හමුදා ප්‍රධානියා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ධුරයෙන් ඉවත් කර ඇති අතර එම ධුරය සඳහා යුක්‍රේන පාබල හමුදා ප්‍රධානී ඔලේක්සැන්ඩර් සිර්ස්කි පත් කිරීමට නියමිතය.

ජනරාල් වැලෙරි සලුස්නි යුක්‍රේනයේ ජනප්‍රියතම පුද්ගලයා ලෙස ද සැලකෙන අතර ඔහුගේ ඉවත් කිරිම හේතුවෙන් යුක්‍රේන වැසියන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව එරට විපක්ෂය ප්‍රකාශ කර ඇත.