ගැටුම් මැද පැවති මැතිවරණය - ඉම්රාන් ගේ අපේක්ෂකයින් ඉදිරියෙන්
2024 February 09- Page Views : 10
පාකිස්තාන මහ මැතිවරණය ඊයේ (08) පැවැත්වුණි.
එහි ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඉතා සෙමින් සිදුවීම සම්බන්ධයෙන් ජනතාව, විපක්ෂ දේශපාලනඥයින් සහ විදෙස් පාර්ශ්ව විවිධ මත පළකරති.
මෙය එරට පැවති දූෂිතම මැතිවරණයක් බව ඔවුන් පවසයි.
මේ වනවිට වාර්තා වන්නේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අරඹා ඇති බවත් ඉන් සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ පක්ෂයේ අපේක්ෂකයින් ඉදිරියෙන් සිටින බවය.
ඔවුන් බොහෝ දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් විය.
එහෙත් සමස්ත ප්‍රතිඵල නිකුත් කළ විට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් ඉන් ජයගනු ඇති බව විශ්ලේෂකයින් පැවසීය.