WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කෙරේ

2024 February 11- Page Views : 10

මියන්මාරයේ සියලු තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කර තිබේ.

මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඒ අනුව අවුරුදු 18ත් 35ත් අතර වයසැති සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් -27ත් අතර වයසැති තරුණියන් අවම වශයෙන් වසර 02ක් හමුදා අණ යටතේ සේවය කළ යුතු වේ.

2021 වසරේ දී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට බලය අත්පත් කර ගනු ලැබුව ද යළිත් මෑත කාලයේ දී මිලීෂීයා සහ හමුදා විරෝධී කැරලිකරුවන් සමඟ පැවති සටන්වල දී පරාජයට පත් විය.