WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන අගමැති ධුරය ගැන තීරණයක්

2024 February 14- Page Views : 10

පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා ය.

විදෙස් වාර්තා සඳහන් කළේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව බව භූතෝගේ පී පී පී පක්ෂයට සඳහන් කර තිබුණි.

මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට ආසන 75 සහ භූතෝගේ පී පී පී පක්ෂය ආසන 54 බැගින් හිමිවිය.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින් අවධාරණය කර ඇත්තේ මැතිවරණය තමන්ට එරෙහිව දූෂණය සිදුව ඇති බැවින් ප්‍රතිඵලවලට අභියෝග කිරීමට පියවර ගන්නා බවය.

ඔවුන් ආසන 93ක් හිමිකර ගත්තේය.