ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොක් දඩයක්
2024 February 17- Page Views : 10
සිය ධනය වංචනික අයුරින් ප්‍රකාශයට පත් කිරීමට වරදකරු බව තීරණය කළ නිව් යෝර්ක් අධිකරණ විනිසුරු විනිසුරු ආතර් එෆ් එන්ගොරොන් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 354.9 ක දඩයක් සහ ඒ සඳහා පොලියක් ගෙවීමට නියම කළේය.
එසේම වසර තුනක් යනතුරු කිසිඳු නිව් යෝර්ක් සමාගමක ඉහළ තනතුරක් දැරීමද නිව් යෝර්ක් අධිකරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ට තහනම් කළේය.ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුන් දෙදෙනාටද කිසිඳු නිව් යෝර්ක් සමාගමක ඉහළ තනතුරක් දැරීම වසර දෙකක් යනතුරු තහනම් කර ඇති අතර ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 4 බැගින් දඩයක් නියම කර ඇත.
මෙම නියෝගයත් සමඟ ට්‍රම්ප්ගේ ව්‍යාපාරවල පාලනය පවුලෙන් ගිලිහීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිව් යෝර්ක් නීතිපති විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ධනය පිළිබඳ ලබා දී තිබූ ප්‍රකාශ අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබූ අතර වසර ගණනාවක් ජූරි සභාවක් නොමැතිව මෙම නඩුව විභාග විය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 355 ට පොළිය එකතු වූ විට මිලියන 455 පසුවන බව ලෙටීෂියා ජේම්ස් ප්‍රකාශ කළාය .
මෙම නඩු තීන්දුව ට්‍රම්ප්ගේ රාජධානියේ භූමි කම්පාවක් ඇති කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.නමුත් මෙම නඩු තීන්දුවෙන් ට්‍රම්ප් බංකොලොත්භාවයට පත් නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කිරීමේ හැකියාව තිබුනත් දින 30 ක් ඇතුළත දඩය ගෙවීමට හෝ බැඳුම්කරයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප්ට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.