යුක්‍රේනය සහ ප්‍රංශය අතර ගිවිසුමක්
2024 February 17- Page Views : 10
යුක්‍රේනය හා ප්‍රංශය වසර 10ක ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබේ.
ප්‍රංශයේ සංචාරයක නිරත යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍යය පවසයි.
එහි දී යුරෝ බිලියන 03ක් වටිනා අතිරේක යුද ආධාර තොගයක් යුක්‍රේනයට වෙත ලබාදීමට ද ප්‍රංශය ජනාධිපතිවරයා මෙහි දී එකඟතාව පළ කර තිබේ.
යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැකි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙහි දී ප්‍රකාශ කර ඇත.
ප්‍රංශය සමඟ ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට පැය කිහිපයකට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ජර්මනිය සමඟ ද එවැනිම ගිවිසුමකට එළැඹ ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.