17ට අඩු දැරියන් සමග ලිංගිකව එකතු වන පිරිමින්ට රසායනික හෝ ශල්‍යකර්මයක්
2024 February 18- Page Views : 10
දැරියන් දූෂණයට වරදකරුවන් වන පුද්ගලයන්ගේ ලිංගික ශක්තිය නැතිකිරීමට මැඩගස්කර පාර්ලිමේන්තුව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව, අවුරුදු 17 ට අඩු දැරියන් දූෂකයන්ගේ රසායනික හෝ ශල්‍යකර්මයක් මඟින් ලිංගික ශක්තිය අඩුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එහෙත්, මෙම පියවර ජාත්‍යන්තර අයිතිවාසිකම් සංවිධානවල දැඩි විවේචනවලට ද ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ.
රට තුළ ඉහළ යන ළමා දූෂණ සිද්ධීන් හේතුවෙන් මෙම පියවර ගැනීම අවශ්‍ය බවයි, මැඩගස්කර අධිකරණ අමාත්‍ය Landy Mbolatiana Randriamanantenasoa ප්‍රකාශ කර ඇත්තේ.
2023 වසරේ දී මැඩගස්කරයේ ළමා දූෂණ සිද්ධීන් 600 ක් වාර්තා වී තිබෙන බවත්, මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් වාර්තා වූ ළමා දූෂණ සංඛ්‍යාව 133 ක් වන බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි.