WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරාන විදේශ කටයුතු ඇමති සංචාරයක් සඳහා දිවයිනට

2024 February 18- Page Views : 10

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන්, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත ව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයකට අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට (19) සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

එම සංචාරයේ දී ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.