බංග්ලාදේශයේ ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට
2024 March 01- Page Views : 10
බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
විදෙස් මාධ්‍ය පවසන පරිදි ඊයේ ඩකා අගනුවර අවන්හලක ගින්න ආරම්භ වී තිබේ.
එය ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර ගිය අතර, දුසිම් ගණනක් මිනිසුන් ඊට මැදිවූ බව පැවසෙයි.