ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියෝ 104 ක් මරුට
2024 March 01- Page Views : 10
ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.
ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් මෙම පිරිසට වෙඩි තබා ඇත්තේ හමාස් සටන්කතාමීන් ඒ අතර සිටි බැවිනි. පලස්තීන පාලන අධිකාරිය චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායලය සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටය.