WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටු අවදානමක්

2024 March 02- Page Views : 10

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියෙරා නෙවාඩා කලාපයට දැවැන්ත හිම කුණාටුවක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් යොසෙමිටේ ජාතික වනෝද්‍යානය සහටාහෝ විල අවට ඇති හිම ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

එම ප්‍රදේශවලට අඩි 10 දක්වා උසට හිමපතනයක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් අධිවේගී මාර්ගයක් ඇතුළු මාර්ග වසා දමා තිබෙනවා.

එමෙන්ම නෙවාඩා කඳුකරයේ සුළං වේගය පැයට කිලෝමීටර 225 දක්වා ඉහළ යා හැකි බවටයි බලධාරින් අනතුරු අඟවන්නේ.