ගබ්සාව ගැන ප්‍රංශය ගත් තීරණය
2024 March 05- Page Views : 10
ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට ඇතුළත් කළ ලොව පළමු රට ලෙස ප්‍රංශය පත්ව තිබේ.
ගබ්සා කිරීමට කාන්තාවන්ගේ නිදහස තහවුරු කිරීම සඳහා ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධනයට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ඡන්ද විමසීමේ දී පනතට පක්ෂව ඡන්ද 780ක් හිමිව ඇති අතර විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 72ක් පමණය.
මෙම පියවර ප්‍රංශයේ අභිමානය දැක්වෙන විශ්වීය පණිවුඩයක් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කර ඇත.
1975 වර්ෂයේ සිට ගබ්සාව ප්‍රංශයේ නීතියක්ව පවතී.