WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක රූ රැජින ක්‍රිස්ටිනා

2024 March 10- Page Views : 10

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබේ.

71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා එහිදී ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වූවාය.

අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත්ව තිබුණාය.

වසර 28කට පසු එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත්වීම වි‍ශේෂත්වයකි.