හයිටි අගමැති ඉල්ලා අස්වෙයි
2024 March 12- Page Views : 10
හයිටි අග්රාමාත්ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් අස්වීමට එකඟ වූ බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.
හයිටි රාජ්යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ.
ඒ සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙනි.
හෙන්රි මේ වනවිට පෝට රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් පවසයි.
එරට ජනාධිපතිවරයාව කුලී හේවායින් පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව 2021 ජූලි මස හෙන්රි එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය.