WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන ජනපතිවරයා වැටුප අත්හරී

2024 March 13- Page Views : 10

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබේ.

රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ඔහු මෙම තීරණය ගත් බව පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම අත්‍යාවශ්‍ය බව සැලකූ ජනාධිපතිවරයා තම වැටුප අත්හැරීමට කැමැත්තක් දැක්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඊට සහාය පළකිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබේ.