WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිනිසුන් යටකර මරා දැමූ බීමත් රියදුරා

2024 March 14- Page Views : 10

බීමත් ටැක්සි රථ රියදුරෙක් ඉන්දියාවේ නවදිල්ලිය හි කඩවීදියක වේගයෙන් රිය ධාවනය කර සිදුකළ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 15 දෙනෙක් තුවාල ලබා තිබේ.

එම පුද්ගලයා මෝටර් රථය කඩවීදිය දෙසට ධාවනය කරන අයුරු එහි වූ CCTV කැමරාවක ද සටහන්ව තිබිණි.

අනතුරින් 22 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සෙසු පිරිස බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුර සිදුවීමෙන් අනතුරුව කුපිත වූ ජනතාව මෝටර් රථයට ප්‍රහාර එල්ල කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණී.