WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අයිස්ලන්තයට හදිසි තත්ත්වයක්

2024 March 17- Page Views : 10

අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ පිහිටි ගිනි කන්දක් නැවතත් විදාරණය වී තිබේ.

එම ගිනි කන්ද මාස 4ක් තුළ විදාරණය වූ සිවුවැනි අවස්ථාව මෙයයි.

මේ හේතුවෙන් දකුණු අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට රජය කටයුතු කර තිබුණි.

මෙම ගිනි කන්ද ගෙවුණු දෙසැම්බර් මාසයේ සිට වඩාත් සක්‍රීයව පැවති අතර එය ලාවා විහිදුවමින් සිටින බැවින් අවදානම් කලාපවල වාසය කරන පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ගිනි කන්දේ බටහිර සහ දකුණු ස්ථාන දෙකකින් ලාවා විදාරණය වෙමින් පවතින බව අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම ලාවා Grindavik නගරයේ නැගෙනහිර ආරක්ෂක තාප්පය දක්වාම ගලා විත් තිබෙනව බව වාර්තා වෙයි.

ගිනි කන්ද කඩිනමින් අක්‍රීය නොවුනහොත්, මුහුදු සීමාව දක්වාම ලාවා ගලායාමේ අවදානමක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.