WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයේ ජනතාව පාරට බසිති

2024 March 17- Page Views : 10

හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි.

ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස පහක කාලයක් ගත වි තිබේ.

කෙසේ වුව ද ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස් සංවිධානය භාරයේය.

විරෝධතාකරුවන් ප්‍රාණඇපකරුවන්ගේ සේයා රූ අතැතිව විරෝධතාවයට එක්ව තිබුණි.

ඔවුන් පවසන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

විරෝධතාකරුවන්ගේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ප්‍රමුඛ රජයට ද එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි.