ඌරු වකුගඩුවකින් ජීවිතය ලද මිනිසා
2024 March 22- Page Views : 10
ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගෙන් ලබාගත් වකුගඩුවක් 62 හැවිරිදි පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කිරීමට අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබේ.
ජානමය වශයෙන් වෙනස්කළ ඌරෙකුගෙන් ඒ ආකාරයට වකුගඩුවක් ලබාගෙන ඇත්තේ අවයව බද්ධයෙන් අනතුරුව ඇතිවිය හැකි සංකූලතා මඟ හැරවීමට බව වෛද්‍යවරු පැවසූහ.
එම සුවිශේෂී බද්ධයට මුහුණදුන් රික් ස්ලේමන් නියම වීරයෙක් බව පවසන වෛද්‍ය කණ්ඩායම, ඔහු රෝහලෙන් පිටවීමට සූදානමින් සිටින බවද පැවසීය.
මෙහි අරමුණ වන්නේ අනාගතයේදී මිනිසුන් ගේ අවශ්‍යතා සඳහා සත්ත්ව අවයව භාවිත කිරීම බව සඳහන් ය.
මොළය මියගිය පුද්ගලයින් ට මීට පෙර ඌරු වකුගඩු බද්ධ කර ඇත්තේ අත්හදා බැලීම් සඳහා ය.
මැසචුසෙට්ස් මහ රෝහල පැවසුවේ මාර්තු 16 වනදා සිදුකළ අදාළ අවයව බද්ධය සඳහා පැය 4ක කාලයක් ගතවූ බවයි.