කෙන්යාවේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක
2024 March 24- Page Views : 11
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඊට සමගාමීව නයිරෝබි අගනුවර පැවැති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වෛද්‍යවරු දින කිහිපයක සිට වැඩ වර්ජනයේ නිරතව සිටිති.
සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලයි.
විරෝධතාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් 7,000කට අධික පිරිසක් එක්ව සිටී.
ඉන් ඇතැම් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඩපණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.