WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොස්කව් ප්‍රහාරයේ සිව්දෙනෙකුට අධිචෝදනා

2024 March 25- Page Views : 10

රුසියාවේ මොස්කව් හී සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන් සිව්දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බව මොස්කව් දිස්ත්‍රික් අධිකරණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේය.

පසුගිය සිකුරාදා මොස්කව් අගනුවර රඟහලකට එල්ල වු ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර 200කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 04 දෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබේ.

ඒ අනුව ඔවුන් එරට අධිකරණයක් හමුවට පමුණුවා ඇති අතර මැයි මස 22වන දා දක්වා සැකකරුවන් රඳවා තබාගැනීමට නියෝග කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඔවුන්ගේ නඩු විභාග දිනය නියමවන දිනය අනුව රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ වනු ඇත.

එමෙන්ම විත්තිකරුවන් දෙදෙනෙකු මේ වන විට වරද පිළිගෙන ඇති බව ද අධිකරණය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේය.