WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය නාවිකයින් පැය 12ක් පුරා සිදුකළ මෙහෙයුම

2024 March 30- Page Views : 35

ඉන්දීය නාවික හමුදාව විසින් අරාබි මුහුදේ දී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉරාන ධීවර යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සමත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, පැය 12කට අධික කාලයක් පුරා මුහුදු කොල්ලකරුවන් සමඟ පැවති මෙහෙයුමකින් අනතුරුව මෙම මුදා ගැනීම සිදුකර ඇති බවය.

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා අරාබි මුහුදේ යොදා ඇති ඉන්දීය නාවික නෞකා දෙකක් මෙම මෙහෙයුම සිදුකර ඇත.

නෞකාවේ සිටි පාකිස්තාන ජාතිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියන් සාගරයේ යේමනයේ දූපතක් වන සොකොට්‍රා සිට නිරිත දෙසින් නාවික සැතපුම් 90ක් පමණ දුරින් මෙම මෙහෙයුම් සිදුකර ඇති අතර මුහුදු කොල්ලකරුවන් 35 දෙනෙකු ඉන්දීය නාවික හමුදාවට යටත් ඇති බව වාර්තා වේ.