ගාසා රෝහලකට ප්‍රහාරයක්
2024 April 01- Page Views : 10
ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ගුවන් ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ප්‍රහාරයෙන් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ද බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රයල හමුදා ප්‍රකාශ කර ඇත්තේ ඩීල් අල් බාලාහී අල් අක්සා රෝහල් භූමියේ පිහිටි ඉස්ලාමීය ජිහාඩ් අණදෙන මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාර එල්ල කළ බවය.
කෙසේවෙතත් රෝහල් කඳවුරු ලෙසට භාවිතා කරන බවට ඊශ්‍රායල චෝදනා හමාස් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රතික්ෂේප කර තිබේ.