බහින්බස් වීම ඝාතනයෙන් කෙළවරවෙයි
2024 April 02- Page Views : 13 කලවාන නගරයේ පෞද්ගලික වාහන අලුත්වැඩියා කරන ආයතනයක් අසලදී අද ( 02) තියුණු ආයුධයකින් පුද්ගලයකු පහරදී ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ගොණගලකන්ද ප්‍රදේශයේ පදිංචි රාජිත ජයසූරිය නැමැති (54) හැවැරිදි විවාහක දෙදරු පියෙකු බව කලවාන පොලිසිය පැවසීය .
සැකකරු සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහර දී ඔහු එම ස්ථානයේ ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .