WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

2024 April 03- Page Views : 26

අධිකරණයට අපහාස කළේ යැයි මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා සලකාබලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සඳහන් කළේ තමාගේ සමේ රෝග තත්ත්වය උත්සන්න වී ඇති බවත් එම නිසා, තමන්ව ඇප මත මුදා හරින ලෙසත් ය.

එම අවස්ථාවේදී විනිසුරුවරු තුන්දෙනාම කියා සිටියේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

වගඋත්තරකාර නීතිඥවරයාට අදාළ මානසික වෛද්‍ය පරීක්ෂණය අඛණ්ඩව සිදුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන්ට නියම කළේය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන 05 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.