බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගුයි
2024 April 07- Page Views : 10
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.
"කැත්ලීන්" කුණාටුවත් සමග පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවවීමේ නිවේදන අනුව එම ගුවන් ගමන් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව බ්‍රිතාන්‍ය තුළ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර ඇත.
ස්කොට්ලන්තයේ දුම්රිය සහ බෝට්ටු සේවාවලට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරිත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය යන කලාප සඳහා ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.