යුක්රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි
2024 April 12- Page Views : 10
යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය.
ට්‍රිපිලියා විදුලි බලාගාරය කියෙව් නගරය ඇතුළුව යුක්රේනයේ ප්‍රධාන කලාප තුනකට විදුලිය සැපයූ බව එම සමාගම පැවසුවේය.
රුසියානු හමුදා සිතාමතා උපායශීලීව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කරන බවත් මෙම ප්‍රහාරයෙන් ට්‍රිපිලියා බලාගාරය මුළුමනින්ම විනාශ වී ඇති බවත් සෙන්ට්‍රෙනර්ගෝ සමාගමෙ සභාපති ඇන්ඩ්‍රි හෝටා ප්‍රකාශ කළේය.