‘නෙසී’ සොයන්න ‘නාසා’ සහාය
2024 April 13- Page Views : 10
ස්කොට්ලන්ත කඳුකරයේ ඇති ලොක් නෙස් විලේ සිටිනවා යැයි විශ්වාස කෙරෙන, ‘නෙසී’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, යෝධ ඩයිනසෝරයකු වැනි පිහිනන උරගයා ඇත්තක් ද බොරුවක් ද සෙවීමට, ස්කොට්ලන්ත බලධාරීන් ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් සහාය ලබා ගැනීමට සූදානම් වෙයි.
ලොක් නෙස් විල ලොව අතිශය ජනප්‍රිය වී ඇත්තේ ‘නෙසී’ නමැති මෙම ගුප්ත සත්වයා නිසාය. සත්වයා සෙවීමට ඇමෙරිකන් ‘නාසා’ විද්‍යාඥයන්ගේ සහාය ඉල්ල ඇත්තේ ‘ලොක් නෙස්’ මධ්‍යස්ථානය සහ ‘ලොක් නෙස් එක්ස්ප්ලොරේෂන්’ නමැති ගවේෂණ කණ්ඩායම යැයි ද පැවැසෙයි.