ඉන්දියාවේ බිහිසුණු බෝට්ටු අනතුරක්
2024 April 16- Page Views : 10
ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ ජේලම් ගංගාවේ බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගන්ඩාබල් සිට බට්වාරා දක්වා මගීන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව එම වාර්තා සඳහන් කරයි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අතුරුදන්ව ඇති පිරිස සොයා මේ වනවිටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.