හිටපු ජනාධිපති ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනි තබාගනී
2024 April 20- Page Views : 10
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය.
ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මෙම ගිනිතබා ගැනීමේ සිද්ධිය අතරතුර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ලබන සඳුදා දිනයේ (22) මෙම නඩුවේ ආරම්භක ප්‍රකාශ ආරම්භ කිරීමට නියමිතව ඇත.
ගිනි තබාගත් පුද්ලගයා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.