මාලදිවයිනේ මැතිවරණ ජය පාලක පක්ෂයට
2024 April 22- Page Views : 10
මාලදිවයින් ඊයේ (21) පැවති මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත්ව විය.
ඒ අනුව චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය දැනටමත් දිනා ඇති ආසන ගණන 66කි.
මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන 93ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමේ අරමුණිනි.
අපේක්ෂිකාවන් 42 දෙදෙනෙක් ඇතුළු අපේක්ෂකයින් 368 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
මැතිවරණය සඳහා ඡන්දය භාවිතයට සුදුසුකම් ලබා ඇති පිරිස 280,000ක් පමණී.