ටයිටැනික් මතකය අලුත් කළ රන් ඔරලෝසුව
2024 April 29- Page Views : 10
සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි.
එම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියේය.
ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්විය.
එම නෞකාවේ ගමන් කරමින් සිදී ධනවත්ම මගියා වූයේ ජෝන් ජේකොබ් ඇස්ටර් නම් ව්‍යාපාරිකයෙකි.
ඔහුද එම අනතුරින් මියගියේය. නමුත් ඔහු පැළඳ සිටි රත්‍රන් "පොකට් ඔරලෝසුව" නිසා ටයිටැනික් වෘතාන්තය නැවතත් කරළියට පැමිණ තිබේ.
එම රන් ඔරලෝසුව පවුම් 900,000කට වෙන්දේසියකදී විකිණී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
එංගලන්තයේ විල්ෂයර් ප්‍රදේශයේ පැවති වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කර තිබූ අතර එහි ආරම්භක වටිනාකම සඳහන් වූයේ පවුම් 150,000ක් ලෙසට ය.
ඒ සඳහා බදු සහ වෙනත් ගාස්තු ගෙවු පසු එම ඔරලෝසුව මිලදී ගත් පුද්ගලයාට ගෙවීමට සිදුවන සම්පූර්ණ මුදල පවුම් මිලියන 1.175කි.
වෙන්දේසිකරු ඇන්ඞෲ ඕල්ද්‍රිජ් පැවසුවේ එය ලෝක වාර්තාවක් බවයි.