නිවාස සංකීර්ණය යුද පිටියක් වෙයි
2024 April 30- Page Views : 10
අමෙරිකාවේ උතුරු කැරොලිනා හි චාර්ලට් හි වාසය කළ පුද්ගලයෙක්ට නොතීසියක් බාරදීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයෙන් නිලධාරීන් සිව් දෙනෙක් මියගොස් තවත් සිව් දෙනෙක් බරපතළ තුවාල ලැබූ බව වාර්තා වෙයි.
පොලිස් නිලධාරීන් සහ ප්‍රහාරකයින් අතර පැය 3ක පමණ කාලයක් වෙඩි හුවමාරුව සිදුකර ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙක් වෙඩි වැදී මියගොස් තිබුණි.
මෙම වෙඩි තැබීම සඳහා දෙදෙනෙක් සම්බන්ධ වී ඇති බව සඳහන් ය.
මෙය වසර ගණනාවකින් අමෙරිකානු ආරක්ෂක අංශ ඉලක්ක කර එරටදී එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.