WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් පිත්තේ මරණයට සැක සිසුවා පරිවාසයට

2024 May 02- Page Views : 35

නාවලපිටිය මොන්ටක්‍රිස්ටො ප්‍රදේශයේ ක්‍රිකට් තරගයක දී සිදුවූ බහින් බස්වීමකින් පසු 14 හැවිරිදි පාසල් සිසුවකු 13 හැවිරිදි පාසල් සිසුවකුගේ හිසට ක්‍රිකට් පිත්තකින් පහරදීමෙන් ඝාතනයට ලක්වූ සිසුවාගේ මරණය හිසට සිදුවූ

බරපතළ හානි නිසා සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී සී. එස්. චන්ද්‍රදාස මහතා නිගමනය කර ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවලපිටිය කදිරේෂන් විදුහලේ ස්ටෑන්ලි ස්ටෙපික් නමැති සිසුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාසල් සිසුවා පොලිස් භාරයට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් ලසාංජි රත්නායක මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 6 වැනිදා දක්වා ඔහු ළමා නිවාසයකට යොමුකර ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල වූ සිසුවා නාවලපිටිය රෝහලටත් ඉන් අනතුරුව මහනුවර මහ රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවා පෙරේදා (30) මියගියේය.