යුක්රේන ජනපති රුසියානු අපරාධකරුවන්ගේ ලැයිස්තුවට
2024 May 05- Page Views : 10
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.
යුක්රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බවට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වේ.
සෙලෙන්ස්කිගේ සම්පූර්ණ නම, උපන්දිනය, උපන් ස්ථානය සහ ඡායාරූපයක් රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රදර්ශනය කර ඇත.
නමුත් සෙලෙන්ස්කිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඔහු කළ වරද කුමක්දැයි රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු සඳහනක් කර නොමැත.