WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාන්තා මළ සිරුරක් වෙරළට ගොඩ ගසයි

2024 July 09- Page Views : 35

නාඳුනන කාන්තා මළ සිරුරක් කලවංචිකුඩි, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇත.

ඊයේ (08) උදෑසන කලවංචිකුඩි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබේ.

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 04ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.

මළ සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කලවංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.