WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා 13 දා ඇරඹෙයි

2024 July 12- Page Views : 36

කොළඹ සුගතදාස පිටියේදී සෙනසුරාදා (13) ආරම්භ වන 64 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී තරග ඉසව් 3108 ක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2200 දෙනෙකු සහභාගි වෙති. තරගාවලිය අගහරුවාදා (16) දක්වා පැවැත්වෙන අතර ඒ සදහා මාලදිවයිනෙන්ද කණ්ඩායමක් සහභාගි වේ.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ පේරු රාජ්‍යයේ ලීමා නුවරදී අගෝස්තු 26 වැනිදා ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා (වයස 20 න් පහළ) තරගාවලියට සහභාගි කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියෙන් තෝරා ගන්නා බවයි. ඒ සදහා දැනටමත් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු නිර්දේශවී සිටින බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

වයස 16 න් පහළ, 18 න් පහළ , 20 න් පහළ, හා 23 න් පහළ යන වයස් කාන්ඩ හතරක් යොදා ගැනේ. එහිදී වැඩිම අයැදුම්පත් ගණනක් ඉදිරිපත් කර ඇත්තේ වයස 16 න් පහළ කාන්ඩයෙනි. එය ගණනින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 806 දෙනෙකි.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට රුපියල් මිලියන තුනක් පමන වැය කෙරෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.