ඡන්ද කාඩ් මුද්‍රණයට බර මුදලක්
2024 July 13- Page Views : 1875
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත.
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ.
මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පැවසුවාය.